How To Select a Product to Sell online අන්තර්ජාල වෙළදාම සඳහා නිෂ්පාදනයක් තෝරා ගැනීම
How To Select a Product to Sell online අන්තර්ජාල වෙළදාම සඳහා නිෂ්පාදනයක් තෝරා ගැනීම අපි අද කතා කරන්න යන්නේ ගොඩක් අය වරද්දගන්න තැනකට. ඒ තමා අන්තර්ජාල වෙළඳාමට නිෂ්පාදනයක් තෝරාගන්නේ කොහොමද කියන එක. භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපොල තුල ඉල්ලුමක් ඇති භාණ්ඩයක් බවට පත් වෙන්නේ කොහොමද ?? "භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවක් සම්පුර්ණ කරයි නම් ඒ භාණ්ඩයට හෝ සේවාවට වෙළෙඳපොල තුල ඉල්ලුමක් ඇති වේ" එතකොට අපි කොහොමද අවශ්‍යතාවයක් ඇති භාණ්ඩයක් හෝ සේවාවක් හඳුනා ගන්නේ..?? පාරිභෝජන භාණ්ඩයක් හෝ සේවාවක් බිහි වෙන්නේ පාරිභෝගිකයාට ඇති ගැටළුවට විසඳුමක් හැටියට. ඒ භාණ්ඩයට හෝ සේවාවට ඇති ඉල්ලුමේ ප්‍රමාණය තීරණය වෙන්නේ පාරිභෝගිකයාගේ ඇති ගැටලුවේ තීව්‍රතාවය මත. එතකොට අපි දැනට වෙළඳපලේ පවතින භාණ්ඩයක් ඉදිරිපත් කලත් අපිට ඒ සඳහා වෙළඳපලක් හදාගන්න පුළුවන්... නමුත් වෙළඳපලක් ඇතුලේ අපේ භාණ්ඩයේ හෝ සේවාවේ මිල හා ඉල්ලුම තීරණය වෙන්න තවත් කරුණු කීපයක් ම බලපානවා. භාණ්ඩය හෝ සේවාව මගින් පාරිභෝගිකයාගේ ගැටලුව කොතරම් දුරට විසඳේ ද ?? ඒ සඳහා ආදේශක පවතී ද ? භාවිතා කර...