Online Marketing අන්තර්ජාල වෙළඳාම
Online Marketing අන්තර්ජාල වෙළඳාම
භාණ්ඩයක් හෝ සේවාවක් අන්තර්ජාලය තුලින් අලෙවි කිරීම අද වන විට ලොව පුරාම ඉතා ජනප්‍රිය අලෙවි ක්‍රමයක් වෙලා තියෙනවා. මේකට මුලිකම හේතුව වෙන්නේ අතරමැදියන්ට ගෙවන 35%-40% අතර කොමිස් මුදල ගෙවන්නේ නැතිව කෙලින් ම පාරිභෝගිකයාටම එම භාණ්ඩය හෝ සේවාව අලෙවි කරන්න පුළුවන් වීම වගේම ලොව පුරා ඕනෑම තැනක තියෙන භාණ්ඩයක් අපිට ඉතා ඉක්මනින් අඩු මුදලකට ලබා ගන්න පුළුවන් වීම
මේ ක්‍රමයේදී නිෂ්පාදකයාට වගේම පාරිභෝගිකයාටත් ඉතා විශාල වාසියක් වෙන්නේ කලින් අතරමැදියාට ගෙවූ 35%-40% මුදල දෙදෙනාම අතරේ බෙදී ගිහින්. දෙදෙනාටම වාසි වූ ගනුදෙනුවක් විදියට අවසන් වෙනවා.
තේරුනේ නැතිද .....??
මෙන්න මෙහෙමයි....
මගේ ළඟ රු 300 ක භාණ්ඩයක් විකුනන්න තියෙනවා හැබැයි මට අලෙවි ක්‍රමයක් නැහැ. මම මේක අලෙවි කරුවෙකුට දෙනවා. එයා මේකට 35% කොමිස් මුදලක් ය කරනවා එතකොට දැන් මේකේ වටිනාකම කීයද?
300 x 35% = රු 405
එතකොට ඔයා මේක කෙලින් ම අන්තර්ජාලය හරහා විකුනනවා රු 350 කට
එතකොට ඔයාට රු 50 ක ලාභයක් වගේම පාරිභෝගිකයාට රු 55 ක ලාභයක් එනවා.
ඔයා අතරමදියෙකුට මාස දෙකක ණය කාලයකට දෙන නිෂ්පාදනය ඔයාට මේ ක්‍රමය මගින් සතියක හෝ සති දෙකක කාලයක් ඇතුලත මුදල් ලබා ගන්න විදියට අලෙවි කරන්න පුළුවන්
ඒවගේම උත්සහ කරපු ය දන්නවා ඇති අපි අලුත් නිෂ්පාදනයක් කඩේකට දන්නා ගියාම තියෙන ප්‍රශ්න
පරිප්පු ගෝනියේ හාල්මැස්සෝ තියෙන කඩේ මුදලාලි ISO එකට වත් බලන්නේ නැති දේවල් බලනවා.එහෙම කරලා අපිට ම අපේ නිෂ්පාදනය එපා වෙන තත්වෙටම ගේනවා. අන්තිමට ඔයා මහන්සි වෙලා කරන නිෂ්පාදනය ඇත ඇරලා දානවා. ඇත්තටම එක අපේ මිනිස්සුන්ගේ කුහක කම. තව කෙනෙක් දියුණු වෙනවට අකමැති.
අනිත් එක තමා ඔයාගේ නිෂ්පාදනයේ තොග තියාගන්න අවශ්‍ය නැහැ. සාම්පල එකක් කරලා එකේ පොටෝ එකක් අරන් මාර්කට් එකට දාල, එකට තියෙන වෙළඳපොල බලලා ඔයාට පුළුවන් වෙළඳපොළට සුදුසු නිෂ්පාදනය හඳුනාගෙන තොග නිෂ්පාදනය කරන්න.
ඒ වගේම මේ ක්‍රමේට ඔයා ඉන්න ප්‍රදේශය අදාළ නැහැ ඔයා අනුරාධපුරේ හිටියත් නුවරඑළියේ හිටියත් තංගල්ලේ හිටියත් ඔයා ඉන්න තැන කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ ඔයාට අවශ්‍ය වෙන්නේ අන්තර්ජාල පහසුකම් තැපැල් කාර්යාලයක් හෝ Courier සර්විස් එකක් විතරයි.
ඉතින් මේක තමා මේ ගැන මම කරපු පලවෙනි පොස්ට් එක
සෑහෙන කාලයක් උත්සහ කරලා ලබාගත්ත දැනුමෙන් අද වෙනකොට මම මගේම 100% අන්තර්ජාල වෙළඳාමක් කරනවා.
මගේ ව්‍යාපාරය පටන් ගත්ත දවසේ ඉඳන් ගොඩක් අය කියන කතාවක් තමයි මේ ක්‍රමේ හැමදාම කරන්න බැහැ කඩවලට දාන්න කියල එත් තවමත් මම ඉන්නේ මගේ Shop එකක් හැර වෙන කඩවලට නම් Credit එකට දන්නේ නම් නැහැ කියන තැන. කලත් Cash Sales විතරයි කියලා.
මට එහෙම ස්ථාවරයකට එන්න පුළුවන් වුනේ මම අන්තර්ජාලය හරහා මගේ නිෂ්පාදනයට හදාගත්ත ඉල්ලුම නිසා.
ඉදිරියට අන්තර්ජාල වෙළඳාම ගැන මගේ අත්දැකීම වගේම අන්තර්ජාල වෙළඳාමක් සාර්ථක කරගන්නේ කොහොමද කියලා ගොඩක් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.
ගැටළු තියෙනවා නම් Comment section එකේ දාන්න, වෙලාව තියෙන විදියට reply කරන්නම්.
ඒ හැමදෙයක් ගැනම දැනගන්න මගේ Blog එකට එකතුවෙලා ඉන්න කියල ආරාධනා කරනවා
හැමෝටම ජය ............................!!!!!!!!!!!!! 👍👍👍👍👍
මීළඟට :- අන්තර්ජාල වෙළඳාම සඳහා නිෂ්පාදනයක් තෝරා ගැනීම

Comments
Post a Comment