How To Select a Product to Sell online අන්තර්ජාල වෙළදාම සඳහා නිෂ්පාදනයක් තෝරා ගැනීම

How To Select a Product to Sell online 

අන්තර්ජාල වෙළදාම සඳහා නිෂ්පාදනයක් තෝරා ගැනීම


අපි අද කතා කරන්න යන්නේ ගොඩක් අය වරද්දගන්න තැනකට. ඒ  තමා අන්තර්ජාල වෙළඳාමට  නිෂ්පාදනයක් තෝරාගන්නේ කොහොමද කියන එක. 

භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපොල තුල ඉල්ලුමක් ඇති භාණ්ඩයක් බවට පත් වෙන්නේ කොහොමද ??

"භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවක් සම්පුර්ණ කරයි නම් ඒ භාණ්ඩයට හෝ සේවාවට වෙළෙඳපොල තුල ඉල්ලුමක් ඇති වේ" 

එතකොට අපි කොහොමද අවශ්‍යතාවයක් ඇති භාණ්ඩයක් හෝ සේවාවක් හඳුනා ගන්නේ..??

පාරිභෝජන භාණ්ඩයක් හෝ සේවාවක් බිහි වෙන්නේ පාරිභෝගිකයාට ඇති ගැටළුවට විසඳුමක් හැටියට. ඒ භාණ්ඩයට හෝ සේවාවට ඇති ඉල්ලුමේ ප්‍රමාණය තීරණය වෙන්නේ පාරිභෝගිකයාගේ ඇති ගැටලුවේ තීව්‍රතාවය මත.

එතකොට අපි දැනට වෙළඳපලේ පවතින භාණ්ඩයක් ඉදිරිපත් කලත් අපිට ඒ සඳහා වෙළඳපලක් හදාගන්න පුළුවන්... නමුත්   වෙළඳපලක් ඇතුලේ අපේ භාණ්ඩයේ හෝ සේවාවේ මිල හා ඉල්ලුම තීරණය වෙන්න තවත් කරුණු කීපයක් ම බලපානවා. 


  • භාණ්ඩය හෝ සේවාව මගින් පාරිභෝගිකයාගේ ගැටලුව කොතරම් දුරට විසඳේ ද ??
  • ඒ සඳහා ආදේශක පවතී ද ?
  • භාවිතා කරන අමුද්‍රව්‍ය 
  • ගුණාත්මක භාවය 
  • නිමාව 
  • ඉදිරිපත් කරන ආකාරය 
  • ඇසුරුම් කරන ආකාරය 
  • පාරිභෝගිකයාට ලබා ගැනීමේ පහසුව 
  • මිල 
  • අලෙවියෙන් පසු සේවය 


දැනට මතක් වුනු කරනු තමයි මේ තවත් තියෙනවා නම් comments වල දාන්න

හරි... අපි දැන් මේ කරුණු එකින් එක මොනාද කියලා බලමු



භාණ්ඩය හෝ සේවාව මගින් පාරිභෝගික ගැටලුව කොතරම් දුරට විසඳේ ද ?
මම මේ කියන්නේ පහුගිය කාලේ විවිධ මාධ්‍ය වල මම දැකපු අලුත් සේවා
  • Pet Care- හිමිකරු ට්‍රිප් එකක් හරි බිස්නස් ටුවර් එකක් හරි ගිහින් එනකල් හිමිකරුගේ සුරතලා රැක බල ගන්නා සේවාවක් 
  • ගොඩක් අය කුබියෝ ටෙලි නාට්‍ය හරහා  දැකපු "Purchasing ලංකා" කියන්නෙත් හොඳ සංකල්පයක් 
  • එතකොට මෑතකදීම මම දැක්ක ඇඩ් එකක් "ඔබ හොඳින් විනෝද වන්න, අපි ඔබව ආරක්ෂිතව නිවසට හැරලන්නම් " වචන මේ ටික නොවුනට අරමුණ මේ හා සමානයි. හවසට යාළුවොත් එක්ක පාටි දාන අය තමන් ගේ වාහනෙන් ම ගෙදරට හැරලන සේවාවක්. 
  • මෑතකදී ගොඩක් කතාබහට ලක්වුණු තැබිලි ඇසුරුම් කරන නිෂ්පාදනයක් 
  • මෑතකදී ජනප්‍රිය වුනු මුරුංගා ආශ්‍රිත නිෂ්පාදන 
  • වියලන ලද එළවලු පලතුරු 
  • නව විලාසිතාවෙන් යුතු ඇඳුම් හා පාවහන් 
  • යට ඇඳුම් 
  • ආයුර්වේද ගුණයෙන් යුතු විවිධ පාන වර්ග ක්ෂණිකව සකසා ගත හැකි ලෙස කරන නිෂ්පාදන 
මේ හැම දෙයක් ම වෙළඳපොල තුලට එන පාරිභෝගිකයාට වැදගත් වන භාණ්ඩ හා සේවා . හිතලා බලන්න මේකෙන් පාරිභෝගිකයාට තියෙන ගැටළු වලට ලැබෙන්න පුළුවන් විසඳුම් මොනවද කියලා. 

වැදගත් 
ඒ වගේම ඔබ ඉතා දක්ෂ අලෙවි කරුවෙක් නම් ඔබට හැකිවෙනවා ඔබේ නිෂ්පාදනය පාරිභෝගිකයා විසින් නොසිතු ගැටලුවකට  විසඳුමක් හැටියට ලබාදෙන්න හා එම ගැටලුව ඉතා තීරණාත්මක එකක් බවට පත් කරන්න.

දැන් කෙනෙක් කියයි "මේක පාරිභෝගිකයා රැවටීමක්" කියලා , හැබැයි හිතල බලන්න ඔබ මම අපි හැමෝම හිරවෙලා ඉන්නේ ඔය කියන ආකාර අලෙවි කරණය ඇතුලේ නේද කියලා. නැති නම් ඔබ මම මිලදී ගන්න භාණ්ඩ හා සේවාවන්ට එයට වඩා වෙනස් වූ ගුණාත්මක වූ ආදේශක නැතිව නොවේ. 



දැනට පවතින ආදේශක 
මට මැසේජ් කරපු ගොඩක් අය කරන්නේ එක හා සමාන නිෂ්පාදන, Hand Made Cards, පොඩි බබලගේ වුල් ඇඳුම්, Hand painting, වෝල් හැන්ගර්,ටේබල් mats  වගේ හැමෝම කරන දේවල්.

හිතන්න............. ඔබ කරන නිෂ්පාදනය, දැනට වෙළඳපොලේ පවතින දෙයක්, ඒ නිෂ්පාදනය ඔබ වගේම නිෂ්පාදනය කරන අයත් ඉන්නවා. ඔබ වගේම එයාලත් නිසි වෙළඳපොළක් සොයා ගැනීමේ ගැටලුවට මැදිවෙලා ඉන්නවා. 
එහෙම අවස්ථාවක ඔබේ නිෂ්පාදනයට ඇතිවෙන ඉල්ලුම හා ඔබට ඔඩර් එකක් ලැබීමේ සම්භාවිතාව කොච්චරක් ද කියල
ඒ වගේම  ඔයා කරන නිෂ්පාදනයම වෙළඳපොලේ තියෙනවා නම් ඔයා කරන නිෂ්පාදනයට ඉල්ලුමක් ඇති වෙන්න නම් අනිවාර්යෙන්ම එකේ වෙනසක් තියෙන්න ඕන එක නිසා හැමෝම කරන දෙයක් නෙවේ අලුත් දෙයක් කරන්න උත්සහ කරන්න. හැමෝම කරන දේ වුනත් වෙනස් විදියකට කරනවානම් ඔබේ තරඟ කරුවෝ ඔබට අදාලම නෑ 



භාවිතා කරන අමුද්‍රව්‍ය හා ගුණාත්මක භාවය 

අපි ඉහත කතා කරපු ගැටලුවට විසඳුමක් ලැබෙන එක හේතුවක් මේක. ඔබේ නිෂ්පාදනය භාවිතා කරන්න ගන්න අමුද්‍රව්‍ය වෙළඳපොලේ පහසුවෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය ක්  වුනොත් ඔබ අලුත් නිෂ්පාදනයක් කලත් කෙනෙක් ට ඉතා පහසුවෙන් හා ඉක්මනින් ඔබව Copy කරන්න පුළුවන්. හැකියාවක් ඇති කෙනෙක් වුනොත් ඉතා ඉක්මනින් ඔබව අභිබවා යන්න පුළුවන්. 

ඒ වගේම ඒ අමුද්‍රව්‍ය මිලෙන් අඩු බාල අමුද්‍රව්‍ය වුනොත් මුදල් අතේ නැති කෙනක් ට වුනත් පහසුවෙන් ඒ නිෂ්පාදනය කරන්න පුළුවන් 

අනිත් එක ඔබ බාල අමුද්‍රව්‍ය යොදාගෙන කරන නිෂ්පාදනයේ කල්පැවැත්ම ඉතා අඩුයි. එහෙම වෙනකොට ඔයාගෙන් එක පාරක් නිෂ්පාදනය ගත්ත කෙනක් නැවත ඔය ලඟට එන්න තියෙන සම්භාවිතාව අඩුයි 




නිමාව 
මේක ඉතාම වැදගත් දෙයක් ඔයාගේ නිෂ්පාදනය කෙනෙක්  දැක්ක ගමන් හිත ඇදිලා යන තත්වයේ තියෙන්න නිමාව ගොඩක් බලපානවා. ඔයාගේ භාණ්ඩයේ නිමාව හොඳනම් අපි මුලදී කතා කරපු ආදේශක එක්ක  තරඟ කරන එක ලොකු දෙයක් නෙමේ. වැදගත්ම දේ තමා ඔයාගේ නිෂ්පාදනය 1ක්  වුනත් 10000ක් වුනත් නිමාව එක වගේම තියාගන්න ගොඩක් උත්සහ කරන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ නිෂ්පාදනයේ නිමාව යුනිට් කීයක් වුනත් නිමාව එක වගේම වෙන්න ඕන. මේක ගොඩක් අලුත් නිෂ්පාදකයෝ මුහුණ දෙන වගේම මමත් මුහුණ දුන්නු අභියෝගයක් . ඉතින් මෙතැනදී සල්ලි කියලා බලන්නේ නැතිව QC යුනිට් එකක් හදන්න වෙනවා ඔබ නිෂ්පාදනය කරන ප්‍රමාණයේ හැටියට.



ඉදිරිපත් කරන ආකාරය 

මේකත් ඉතා වැදගත් කරුණක් අපි ගොඩක් කතා කරන්නේ අන්තර්ජාල වෙළඳාම ගැන නේ එක නිසා මම එකට අදාල කරුණු විතරක් කියන්නම් 
අන්තර්ජාලයේ අපි භාණ්ඩයක් විකුනනකොට අපි මුලින් ම ඉදිරිපත් කරන්නේ එකේ චායරුපයක් එතකොට පාරිභෝගිකයා අපේ නිෂ්පාදනය මිලට ගන්නේ ඒ චායාරුපයේ තියෙන ආකාරය බලලා. ගොඩක් දෙනා කරන්නේ නිකම් මේසයක් උද තියලා චායාරුපයක් අරන් විකුනන්න දානවා. එතකොට පාරිභෝගිකයා කොහොමද භාණ්ඩයේ හැටි හරියටම දන ගන්නේ. එහෙම නැති නම් ෆොටෝ එක ලස්සන වෙන්න effect දානවා එකෙනුත් වෙන්නේ භාණ්ඩයේ සැබෑ ස්වරුපය විකුර්ති වෙලා පෙන එක. නැතිනම් ඉන්ටෙර්නෙට් එකෙන් උපුටා ගත්ත ඉමේජ් එකක් දානවා. හැබැයි භාණ්ඩයේ සැබෑ ස්වරුපය ඊට වැඩ හාත්පසින් ම වෙනස්.
එහෙම වෙනකොට පාරිභෝගිකයාට ඔයාගේ නිෂ්පාදනය ගැන තියෙන විශ්වාසය නැතිවෙනවා.
එක නිසා ඔයාගේ භාණ්ඩය පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කරන ආකාරය ඉතා වැදගත්.
අන්තර්ජාල වෙළඳාමේ දී ඔයා ඉදිරිපත් කරන ෆොටෝ එක ටිකක් පැහැදිලි තැනක තියලා හොඳ ආලෝක තත්වයක් යටතේ ගත්ත ෆොටෝ එකක් කරගන්න උත්සහ ගන්න.
මේ ගැන වැඩි විස්තර මම ඉදිරිය්දී වෙනම පොස්ට් එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා.


ඇසුරුම් කරන ආකාරය 

මේක ඉතාම වැදගත්, ඇසුරුම තමා ඔයාගේ බිස්නස් එකේ අලෙවිකරු. ඒක නිසා ඔයා පාරිභෝගිකයාට යවන ඇසුරුම ඉතා හොඳ තත්වයේ එකක් වෙන්න ඕන. මිලෙන් අඩු වුනාට කමක් නැහැ හැබැයි පිරිසිදුවට පිළිවෙලට ඇසුරුම් කරලා යවන එක ගොඩක් වැදගත්. පොස්ට් එකෙන් යවනවා නම් ඔයාට පෙට්ටියක් හරි මුද්දර ගහන්න පුළුවන් ටිකක් ඝනකම ලියුම් කවරෙක හරි දාල යවන්න පුළුවන්.
කුරියර් කරනවා නම් පොලි බෑග් එකක් පුළුවන්. කැඩෙන බිඳෙන දෙයක් නම්  Bubble Wraping වල ඔතලා පැක් කරන්න පුළුවන්. Bubble Wraping 1m රු 100 හෝ ඊට අඩුවෙන් ගන්න පුළුවන්.


පාරිභෝගිකයාට ලබා ගැනීමේ පහසුව 

ඔබේ නිෂ්පාදනය ලංකාවේ කොහේ තිබුනත් පාරිභෝගිකයාට ගන්න පුළුවන් විදියට  සේවාවක් සපයන්න උත්සහ කරන්න. ඒ කියන්නේ සමහර අය මම දැකල තියෙනවා සල්ලි දැම්මොත් විතරයි එවන්නේ කියනවා. සමහර  අයට  භූගෝලීය සීමා තියෙනවා. නමුත් අද ඔබේ නිෂ්පාදනය ලෝකය පුරාම  යවන්න තාක්ෂනය හා ක්‍රමවේද තියෙනවා. නිෂ්පාදනය පාරිභෝගිකයාගේ දොරකඩට ගියාට පස්සේ මුදල් ගෙවන ක්‍රම තියෙනවා. අවශ්‍ය  වෙන්නේ මේ හැමදෙයක් ගැනම දැනුම හා අධ්‍යනය මගින් තමන් ගේ නිෂ්පාදනයට වඩාත් සුදුසු වන සේවාවක් තෝරාගන්නා එක.

මිල 

ඇත්තම කතාව නම් ඉහත කියපු කරුණු ඔබේ භාණ්ඩයේ තියෙනවා නම්  මිල  කියන්නේ අංකයක් විතරයි.

මොකද අපේ පාරිභෝගිකයා තත්වයෙන් ගුණාත්මක භාවයෙන්  ඉහල නම් කීය වුනත් ගන්නවා. හැබැයි ඔබේ නිෂ්පාදනයේ මිල තීරණය කරන කොට ඔබ හිතන්න ඕන කරුණ තමා ඇයි පාරිභෝගිකයා ඔබෙන් මේ නිෂ්පාදනය එම මිලට  ගත යුත්තේ. ඔබ පාරිභෝගිකයා නම් එම මිලට ඔබ ලබාදෙන භාණ්ඩය මිලට ගන්නවද. ඔබ යොදාගන්නා අමුද්‍රව්‍ය ඔබ සඳහන් කරලා තියෙන මිලට ගැලපෙනවද කියන එක.ඔබ අන්තර්ජාල වෙළඳාමේ දී සැලකිලිමත් වියයුතු  අනික් කරුණ තමා ඔබේ නිෂ්පාදනයට නිසි  ඉල්ලුමක් ලැබෙන තුරු අවම සාධාරණ මිලක් තීරණය කරන එක. එක නිසා ඔබේ නිෂ්පාදනයට නිසි වෙළඳපොලක් සාදා ගන්නා තුරු දැනට ඔබ දැනට ජිවත් වෙන මාර්ගය මගින් ම ඔබේ අවශ්‍යතා සපුරා ගන්න වෙනවා.
පාරිභෝගිකයාට අවශ්‍ය වන්නේ ඔබේ නිෂ්පාදනය ගැන විශ්වාසයක් හා අවබෝධයක් විතරයි එතනින් පස්සේ ඔබේ භාණ්ඩයේ මිල තීරණය කරන්නේ ඔබ.

අලෙවියෙන් පසු සේවය 

ඔබ කරන්නේ අන්තර්ජාල වෙළඳාමක්. පාරිභෝගිකයා ඔබේ භාණ්ඩය මිලට ගන්නේ ඔබ ඉදිරිපත් කරන ෆොටෝ එක හෝ වීඩියෝ එක බලල, එතකොට තමන්ගේ අවශ්‍යතාවය තීරණය කරද්දී එයාට වැරදීම් වෙන්න පුළුවන්. ඉතින් ඒ  භාණ්ඩය මිලට ගත්තට පස්සේ එයාට එක ගැලපෙන්නේ නැතිනම්. ඒක එයා ළඟ තිබුනා කියල ඔයාට වැඩක් නැහැ. එයාටත් වැඩක් නැහැ ඒ වගේ අවස්ථාවකදී ඔබේ ව්‍යාපාරයට  අතෘප්තිමත් පාරිභෝගිකයෙක් ඉන්නවා  කියන්නේ ඔබේ නිෂ්පාදනයට ලැබිය හැකිව තිබුණු ඉල්ලුමක් නැතිවීමක් විතරයි. එක නිසා ඔබ ඕඩර් එකක් ගන්න කොට පාරිභෝගිකයව පුළුවන් තරම් ඔබේ නිෂ්පාදනය ගැන දැනුවත් කරලා ඕඩර් එක ගන්න. එතකොට Exchange කරන්න වෙන එක අඩු වෙන්න පුළුවන්. එහෙම කරලත් Exchange කරන්න වුනොත් එක සාධාරණ මුදලකට කරලා දෙන්න උත්සහ කරන්න.



ඉතින් අපි මුලින් කිව්වා වගේ භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරන කොට මුලික වශයෙන් බලපාන කරුණු කීපයක් තමා අපි ඉහත සාකච්චා කලේ. ඊට අමතරව තවත් කරුණු තියෙනවා නම් හෝ ගැටළු  comments section එකේ සඳහන් කරමු. මේක කියවලා මම හිතන්නේ ඔයාලට අන්තර්ජාල වෙළඳාමේ දී භාණ්ඩයක් තෝරා ගන්න කොට තව ටිකක් හිතලා බලන්න කරුණු කීපයක් එකතු වුණා. මේක බලලා ඔබ දැනට කරන නිෂ්පාදනයේ වෙනස් කම් කරන්න තියෙනවනම් ඒවත් කරගෙන ලෑස්ති වෙන්න අපි ඊළඟ පොස්ට් එකෙන් බලමු

ඔබේ භාණ්ඩය හෝ සේවාව අලෙවි කිරීමට Facebook Page එකක් හදා  ගන්නේ කොහොමද කියලා


    















Comments

Popular posts from this blog

Online Marketing අන්තර්ජාල වෙළඳාම